Colombo Today Local News

දිවයිනේ රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යනවා…

ගල්ගමුව, කුලියාපිටිය ඇතුළු දිවයිනේ මහ රෝහල් බොහොමයක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනයේ තිබෙන ප්‍රශ්නයක් නිසා මේ අර්බුදය හටගෙන තිබෙන බව කී මන්ත්‍රීවරයා ලේ මාරු කරන යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ටෙන්ඩර් කැඳවීම් කර තිබුණද එම ටෙන්ඩර් වල ප්‍රශ්න නිසා මාස ගණනාවක සිට අදාල යන්ත්‍ර සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව සඳහන් කළේය.

අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට බිලියන 200ක් පමණ මුදලක් සෑම වසරකම වෙන් කරන නමුත් වකුගඩු රෝගය වැළඳුණු රෝගීන්ට ලේ මාරු කරගන්න උපකරණ පිටින් ගේන්නැයි පවසන බවද එලෙස පිටින් ගේන්න මිනිසුන්ට මුදලක් නැතැයි ද දයාසිරි ජයසේකර මහතා කීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවැසූයේ දයාසිරි ජයසේකර මහතා මතු කළ කතාවේ යම් ඇත්තක් තිබෙන බවයි. මේ ගැන යම් අවස්ථාවල අධිකරණයෙන් පවා නියෝග ලැබී තිබෙන බවද අද හෙට වෙන විට ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ජනපති IMF ඉදිරියේ දණ ගහලා

Admin

නිලන්ත ජයවර්ධනට අධිකරණ නියෝගයක්

Admin

ආණ්ඩුව රැකගන්න මත්ද්‍රව්‍ය හා දුම්වැටි තහනම් කරන්නේ නෑ – ජනපති

colombotoday

“ලැජ්ජ නැද්ද.. කීව වෙනස මේකද“ – බෙල්ලන්විල නාහිමියෝ ජනපතිගේ මූණටම අසයි (Video)

colombotoday

පත්තරේට වැටෙන්නත් කලින් කුඩු කන්ටේනරය බලන්න ජනපති යයි !

colombotoday

ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක්

Admin