බුස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් උපවාසයක් ආරම්භ කර තිබේ.
එම බන්ධනාගාරයේ ජල ටැංකිය මත නැගී ඊයේ (03)දිනයේ සිට ඔහු උපවාසයක නිරත වන බව එම බන්ධනාගාර වාර්තා වෙයි.
ගාල්ල බන්ධනාගාරයේ සිට බුස්ස බන්ධනාගාරය වෙත මාරුකිරීමට විරෝධය පළ කරමින් එම රැඳවියා උපවාසය ආරම්භ කර තිබේ.
අදාළ රැඳවියා නඩු කිහිපයක චූදිතයෙකු ලෙස වාර්තා වේ.