Colombo Today Local News

“ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැහැ” – ආරක්ෂක රාජ්‍ය ඇමති තුර්කියේදී කියයි

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැතැයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

තුර්කියේ සංචාරයක නිරතව සිටින අතරතුර එරට ආරක්‍ෂක අමාත්‍ය යාසර් ගුලර් මහතා හමුවූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දෙන ඕනෑම ආකාරයක ක්‍රියා සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

ෆෙතුල්ලා ගුලේන් කණ්ඩායම් විසින් මෙහෙයවන ලද ෆෙතුල්ලා ත්‍රස්තවාදී සංවිධානය මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජය මෙන්ම මෙරට බුද්ධි අංශ ආරක්‍ෂක අංශ දැක්වූ දායකත්වය එහිදී තුර්කි ආරක්‍ෂක අමාත්‍යවරයා ඇගයීමට ලක්කර තිබේ.

එම හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා දෙරට අතර පවතින සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ඵලදායී සාකච්ඡා පැවැත්වු බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Related posts

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක් එකවර දීලා – මවක් හදිසි ප්‍රතිකාර ඒකකයට

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්

Admin

ෆිච් රේටින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගතකිරීම් වලින් පහළට ඇද දමයි…

colombotoday

19 වෙනි සංශෝදනයෙන් රටේ නායකයෝ තුන් දෙනෙක් හැදුවා – ජනපතිගෙන් චෝදනා

colombotoday

ධීවරයන්ට බෙදා දීමට ගෙනා ටැබ් 1500ක් අතුරුදන් !

colombotoday

2018 වසරේ අලි 272 ක් මියගිහින්

colombotoday