Colombo Today Local News

ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක රිවෝල්වරයක්

බදුල්ල ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක බෙනයක් තුළ සගවා තිබූ අයිතිකරුවෙකු නොමැති විදේශ රටක නිශ්පාදිත රිවෝල්වරයක් සහ වෙඩිබෙහෙත් තොගයක් අද (28) පස්වරුවේ සොයා ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

ලැබුණු තොරතුරක් මත බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් බදුල්ල ග්ලේන්පින්වත්ත ට ගොස් මෙම වැටලීම සිදුකර තේ වත්තේ මාරගසක බෙනයක් තුළ ඉටි බෑගයක දමා සගවා තිබූ රිවෝල්වරය සහ වෙඩිබෙහෙත් සොයා ගත් බවද පොලිසිය සදහන් කරයි.

විදේශ රටක නිශ්පාදිත මෙම රිවෝල්වරය සොයා ගන්නා විටත් එය මළකඩ කා තිබූ බවත්,වෙඩිබෙහෙත් මිලිග්රැම් 437 ක් තිබූ බවද පොලිසිය කියයි.

මෙය කිසිවෙකු විසින් කිසියම් අපරාධයක් කිරිමට හෝ අපරාධයක් සිදු කර මෙසේ රිවෝල්වරය සගවා තැබුවේ ද යන්න සොයා පරික්ෂණ කටයුතු සිදු කරයි.

බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල , පොලිස් අධිකාරි බුද්දික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ටී එම් රත්නායක උපපොලිස් පරික්ෂක ඩී.එම් .අනුර,සැරයන් 35234 සමන්ත , 33778 ජයසිංහ , 54116 විජෙතුංග, 40840 රත්නසිරි යන මහත්වරුන් වැඩිදුර පරික්ෂණ පවත්වති.

Related posts

රුපියල් 20,000/-ක අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්

colombotoday

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday

ජාත්‍යන්තරය හමුවේ රටේ අභිමානය රකිනවා – 68 වන නිදහස් දිනයේදී ජනපතිගෙන් ප්‍රතිඥාවක්

colombotoday

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

ලසන්ත ඝාතනයට චෝදනා එල්ලවූ හමුදා බුද්ධි අංශයේ “උදලාගම” ඇප මත නිදහස්

colombotoday

පුහුණු ගුවන් හමුදා යානයක් කඩා වැටේ – නියමුවා මරුට

colombotoday