Colombo Today Local News

ජපාන විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (28)දින දිවයිනට පැමිණීමට නියමිත වේ.

ඔහු සමග 22 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ජපාන ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකමී මනබූ, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අරිමා යුටකා යන මහත්වරුන් ද සංචාරයට එක්වනු ඇත.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස, ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිතයි.

එම පිරිස ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණයට ද එක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Related posts

සාලි, රෝසි සමග සටනට, පොහොට්ටුවෙන් කොළඹට ඕමාර් කාමිල් !

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : පොලිස්පතිගේ කටහඬ ගැළපේ

colombotoday

මාර්ග නීති කඩකළ රියදුරන්ට දඩ ගෙවීමට සහනදායී පිළිවෙතක්

colombotoday

මද්‍යසාර හේතුවෙන් ලංකාවේ වසරකට පුද්ගලයින් 23,000ක් ජීවිතක්ෂයට

colombotoday

පාලිත තෙවරප්පෙරුම පිහියක් අරන් පාර්ලිමේන්තුවේ යකා නැටූ හැටි මෙන්න…

colombotoday

දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ

colombotoday