Colombo Today Local News

නැව් මගින් වන තෙල් කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගන්න කැබිනට් පත්‍රිකාවක්

මෙරට මුහුදු තීරයයේ ගමන්ගන්නා නැව් මගින් සිදුවන තෙල් කාන්දුවීම් නිරීක්ෂණ සේවාවන් චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම්ව ලබා ගැනීමට අදාළව ප්‍රංශ රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ තෙල් කාන්දුවීම් නිරීක්ෂණ සේවාවට අදාළව ප්‍රංශයේ Collected Localization Satellites (CLS) සමාගම සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ බලය සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිවරයාට පැවරීමට ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.

ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම යුරෝ 601,810.00කි.

එය ප්‍රදානයක් ලෙස Localization Satellites (CLS) ලබාදීමට යෝජිතව ඇත.

මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා සම්පූර්ණ මූල්‍ය පිරිවැය ප්‍රංශ රජයෙන් දරනු ලැබේ. එබැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලංකා රජයට පිරිවැයක් දැරීමට සිදුනොවන බව අමාත්‍යාංශය පවසයි.

මෙරට මුහුදු තීරය ආශ්‍රිතව නැව් ගමන් ගන්නා මාර්ග හඳුනා ගැනීම, එම දූෂකයන්ට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර මෙහෙයුම හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණු අතර වේ.

Related posts

ඓතිහාසික වරදක් නිවැරදි වෙයි.. කැප්පෙටිපොළ ඇතුළු 18ක් ජාතික විරුවන් ලෙස නම් කෙරේ

colombotoday

පිලිපීනයේ මැනිලා අගනුවර වසා දැමේ !

colombotoday

තනපටය ගලවා විසිකරන්න කැමතිදැයි රාජිත බුද්ධිනීගෙන් මූණටම අසයි [Video]

colombotoday

අවස්ථානුකූලව නියෝග පැනවීමට සෞඛ්‍ය අධ්‍යක්ෂකට බලය ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ආගමික නායකයන් හමු වෙයි

colombotoday

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin