Colombo Today Local News

සුද්ද සිංහලෙන් කියලත් වැඩවර්ජනය කළ දුම්රිය සේවකයන්ට එරෙහිව බන්දුලගෙන් දැඩි තීරණයක්

දුම්රිය සේවකයන් මෙම වැඩවර්ජනය අරඹා ඇත්තේ මගී ජනතාව අපහසුතාවයට පත් නොකර ගැටළු විසඳා ගන්නා ලෙස සුද්ද සිංහලෙන් කියා තිබියදී බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ විදිහට ජනතාව පෙළනවා නම් කැබිනට් මණ්ඩලයට දැනුම් දී දැඩි තීන්දුවක් ගැනීමට බලාපොරොත්තුවන බවද ඔහු සඳහන් කළේය.

දුම්රිය සේවකයන්ට ප්‍රශ්නයක් තියෙනවනම් මුලින්ම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට පවසන ලෙසත් එතනින් විසඳුම් නොලැබෙන්නේ නම් ප්‍රවාහන ලේකම්වරයාට දැනුම් දෙන ලෙසත් දැනුම් දී තිබූ බව පැවසූ අමාත්‍යවරයා ඒ සියලුම තැන්වලින් විසඳුම් නොලැබෙන්නේ නම් ප්‍රශ්න ගැටළු තමාට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබූ බවත් පැවසීය.

දුම්රිය මගින් කොළඹට රැගෙන විත් එකපාරටම දුම්රිය නතර කරන්නේ නම් දැඩි තීන්දුවකට පැමිණීමට සිදු වන බව බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අර්බුදවලට විසඳුම් දෙන තුරු ගුවන්තොටුපොළේ ප්‍රභූ සේවා අත්හිටුවයි

colombotoday

මහා නාහිමිවරුන්ට අවනම්බු කළ අගමැතිවරයා ගැළපෙන්නේ චිත්‍රපටයකටයි

colombotoday

මෙන්න! අලුත්ම අබිරහස; “කොටි 70 කගේ නම් ඇතුළත් දුටුතැන අල්ලනු” ඉන්ටර්පෝල් ලැයිස්‌තුව අහෝසි කළේ කවුද?

colombotoday

මහවිරු සමරපු අයව අත්අඩංගුවට ගන්න කැළුම්ට ඇප දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

Admin

කුඩු අංජු ගේ සල්ලි එකතුකළ යුවලක් කොටු. බිරිඳ නිලියක්.

colombotoday

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

colombotoday