World

අමෙරිකාවෙන් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දුන් බවට හෙළිදරව්වක්

අමෙරිකාව ලබාදුන් පොකුරු බෝම්බ (cluster bombs) රුසියාවට එරෙහි මෙහෙයුම් සඳහා යොදාගැනීම ආරම්භ කළ බව යුක්‍රේනය මුල්වරට ප්‍රකාශ කර තිබේ.

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක මණ්ඩල ප්‍රකාශක ජෝන් කර්බි විසින් මේ බව හෙළිකළේය.

පොකුරු බෝම්බ වඩාත් කාර්යක්ෂම ලෙස යොදාගැනීමට යුක්‍රේනය හැකි වී ඇති බවත් එය රුසියානු හමුදා සඳහා බලපෑමක් ඇති කරන බවත් ඔහු කියා සිටි.

ලොව පුරා රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් තහනම් කර ඇති දශක ගණනාවක් තිස්සේ විනාශකාරී ප්‍රතිඵල ගෙනදිය හැකි පොකුරු බෝම්බ, අමෙරිකාව විසින් යුක්රේනයට ලබාදීම දැඩි ලෙස විවෙිචනයට ලක්වූ කරුණකි.

මේ පිළිබඳ අදහස් දක්වමින් අමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, මෙම තීරණය ඉතා දුෂ්කර එකක් වූ බවත් ඒ සඳහා සිය මිත්‍ර රාජ්‍යයන් වන එක්සත් රාජධානිය, කැනඩාව, නවසීලන්තය සහ ස්පාඤ්ඤය වැනි රටවල් විරුද්ධ වූ බවත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් රුසියාවද යුක්‍රේනයට එරෙහිව පොකුරු බෝම්බ භාවිත කර තිබූ බවට පැවසෙන අතර, රුසියානු නායක ව්ලැද්මීර් පුටින් පවසන්නේ, රුසියාවට එරෙහිව පොකුරු බෝම්බ භාවිත කළහොත් ඊට ප්‍රතිචාර දක්වන බවය.

Related posts

ඉන්දියාවේ පුද්ගලයන් 140 කට හදුනානොගත් රෝගයක්.

colombotoday

ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවෝ අත් පත් කර ගනී

colombotoday

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

ඩොලර් 40,000කට අලෙවි වූ ටයිටැනික් මගියාගේ ලිපිය

Admin

කුවේටයේදී අතුරුදන්වූ ගෘහ සේවිකාවගේ සිරුර වසරකට පසු අධි ශිතකරණයක තිබී සොයාගනී

colombotoday

අමෙරිකා හමුදා සාමාජිකයින් 59,000කට කොවිඩ්

colombotoday