Colombo Today Local News

බිලියන10ක් ඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලා

    රුපියල් බිලියන10ක් නැතැයි කියමින් පළාත් පාලන ඡන්දය නොපැවැත්වූ ආණ්ඩුව පසුගිය මාස පහට රුපියල් බිලියන 230ක ආහාර පිටරටින් ගෙනවිත් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අද සිගරට් බොන මිනිහා බීඩි බොන තත්ත්වයට පත්වී තිබෙන බවත් මෙයින් පේන්නේ රටේ ජීවන තත්ත්වය පහළ ගිය ආකාරය යැයිද කී ෆොන්සේකා මහතා රටේ බීඩි බොන ප්‍රමාණය සියයට 100කින් වැඩි වී තිබෙන බව කීය.

    හරි මාර්ගයේ යා යුතු යැයි රජයේ කිසිම කෙනෙක් තේරුම් ගෙන නැතැයි ද මේ අය හැදෙන පාටක් පෙනෙන්නේ නැතැයි ද කී ෆොන්සේකා මහතා බීඩි ඔතන්නට ඉන්දියාවෙන් ගෙනෙන කොලයෙන් පවා වංචා දූෂණ සිදු වෙමින් පවතින බව සඳහන් කළේය.

    Related posts

    නාලක ගොඩහේවා යළිත් රිමාන්ඩ්

    colombotoday

    අලුත් රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිලා මෙන්න

    colombotoday

    වන්දි ලබාදීමේ පනත සම්මත කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් යැයි ඊනියා දේශප්‍රේමීන් පවසනවා – සජිත් ප්‍රේමදාස

    colombotoday

    කේරල මුස්ලිම් ජනතාව අන්තවාදීන් කරන්න ලංකාවේ මද්‍රසා පාසල්වලින් ටියුෂන් දීලා

    colombotoday

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි

    colombotoday

    ගොඩනැගිලි‍ ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළට. වැලි කියුබ් එකක මිල පමණක් රු. 8,000කින් ඉහළ ගිහින්

    colombotoday