Colombo Today Local News

සෝදිසි මෙහෙයුම දැක ජාවාරම් කරුවන් ගංජා දමා පලා යයි

යාපනය මාමුනෙයි ප්‍රදේශයේදී කළ හදීසි සෝදිසි මෙහෙයුමකදී විකිණීම සඳහා රැගෙන යමින් තිබූ කේරල ගංජා තොගයක් මාර්ගයක දමාගොස් තිබියදී සොයාගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් වෙත්තිලකේනි නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ලැබුණු තොරතුරකට අනුව මාමුනෙයි ප්‍රදේශයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

මෙහෙයුම අතරතුරදී මාමුනේ ප්‍රධාන මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයක දමාගොස් තිබූ පාර්සල් 18ක්තිබී හමුවී සිදුකරන ලද පරික්ෂාවකදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.

නාවික හමුදාවේ සෝදිසි මෙහෙයුම දැක ජාවාරම් කරුවන් විසින් විකිණීම සඳහා රැගෙන යමින් තිබූ අදාල කේරල ගංජා තොගය මාර්ගයේ දමා පලාගොස් ඇති බවට නාවික හමුදාව සැකපලකරයි.

කේරලගංජා කිලෝ 35 ග්‍රෑම් 900 ක ප්‍රමාණයක් ඒහි තිබී ඇති අතර තොගයේ වටිනාකම රුපියල් මිලියන 11 කට අධික වන අතරම මෙම කේරල ගංජා තොගයට ඉදිරි නීතිමය පියවර ගන්නා තෙක් නාවික හමුදා භාරයේ තැබීමට පියවර ගෙන ඇත.

Related posts

බුද්ධ ශාසන අමාත්‍යාංශය උදය ගම්මන්පිලට

colombotoday

පොඩි ලැසී ඇප මත නිදහස්

Admin

ඉෂාලිනිගේ දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද ගොඩ ගැනේ

colombotoday

මෛත්‍රීගේ රාජකාරී දුරකථනය භාරව සිටි නිලධාරියා පාස්කු කොමිසමට දුන් සාක්ෂිය

colombotoday

අසාදිතයින්ට ප්‍රතිකාර කරන්න තවත් රෝහලක්

colombotoday

පුල්මුඩේ නිවසකින් බෝම්බ උපකරණ තොගයක් අල්ලයි… නිවසේ හිමිකරු පැන යයි…

colombotoday