Colombo Today Local News

චමෝදිගේ මරණය යළි සිහිකරමින් තවත් රෝගියෙක් ඖෂධයක් ලබාගැනීමෙන් පසු මිය යයි

කෑගල්ල මහ රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

රෝහල් අධ්‍යක්ෂවරිය තහවුරු කර සිටින්නේ, පසුගියදා පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සංදීපනීට ලබාදුන් Ceftriaxone (සෙෆ්ට්‍රිඇක්සෝන්) ඖෂධයම මියගිය පුද්ගලයාට ද ලබාදී ඇති බවය.

අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇතිවන්නට ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කර සිටි.

කෑගල්ල මාකූර ප්‍රදේශයේ පදිංචි අජිත් විජේසිංහ පසුගිය 10 වනදා කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණේ අක්මාවේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙනි.

එහිදී ඔහුට ප්‍රතිජීවක ඖෂධය අවස්ථා 13ක් ලබාදී ඇති අතර 14 වන ප්‍රතිජීවක ඖෂධයෙන් පසු ඔහු මියගිය බව රෝහල් අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය ප්‍රකාශ කර සිටින්නීය.

මියගිය අජිත් විජේසිංහ 57 හැවිරිදි වියේ පසුවූ එක්දරු පියෙක්.

මියගිය අජිත් විජේසිංහගේ දියණිය සඳහන් කරන්නේ,

“තාත්තාගේ කට දෙපැත්තේ තුවාලවෙලා වගේ තිබ්බා. ඒකට තමයි රෝහලට ගෙනිච්චේ. අක්මාවේ 60%ක් නරක් වුණත් හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා දොස්තර කිව්වා. 17 වනදා උදෙත් මම තාත්තාව බලන්න ගියා. එතකොටත් හොඳට හිටියා. 8ට විතර විදලා තිබුණා බෙහෙතක්. 9.15ට විතර අමාරුවෙලා තියෙන්නේ. ළඟ හිටපු අයට තාත්තා කියලත් තියෙනවා.. බෙහෙත විද්දට පස්සේ මොකක්ද වුණා කියලා. ඊට පසු දිනයේ තමයි තාත්තා නැති වුණේ. තාත්තා රෝහලට ආවේ මැරෙන්න ගිය ලෙඩකින් නෙමෙයි.” බවයි.

Related posts

“නන්දලාල්ට අයි.එම්.එෆ් එකෙන් එහාට හිතන්න පරිචිතයක් නෑ”- ජාතික ජන බලවේගයෙන් චෝදනාවක්

Admin

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් එන අය දින 14ක් නිරෝධායනයට

colombotoday

අලි සබ්‍රිගේ රහීම්ගේ රථය අත් ට්‍රැක්ටරයක ගැටේ.. රියදුරු අත්අඩංගුවට

Admin

දින 100 වැඩපිළිවෙල හැදුවේ මෛත්‍රීගේ එකගතාවයෙන් – ජයම්පතී වික්‍රමරත්න

colombotoday

විජේවීර පුත් උවිදු ගම්පහෙන් තරගබිමට !

colombotoday

කන්දකාඩු රැඳවියන් හමුවීමට පැමිණි ඥාතීන් 119ක් නිරෝධායනයට

colombotoday