Colombo Today Local News

තිරිඟු පිටි මිල අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ – බේකරි හිමියන්ගේ සංගමය කියයි

තිරිඟු පිටි මිල පහළ ගිය ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඊයේ (18)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තම සමාගමේ සෑම වර්ගයකම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කළ බව ප්‍රීමා සමාගම පැවසීය.

ඒ අනුව, පාන් නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු. 200 ක් දක්වා පහළ ගියේ ය.

නමුත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, මීට සති කිහිපයකට පෙර බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කළ නිසා යළි පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි.

Related posts

ලියාපදිංචි නොවූ රාජ්‍ය නොවන සංවිධාන තහනම්

Admin

ජාති භේදයෙන් තොරව පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු සුදානම්

colombotoday

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin

15වැනිදා මහ වැඩ වර්ජණයකට බස් ගැමුණු සැරසෙයි!

colombotoday

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

colombotoday

මරණ පුච්චන එක පාප කර්මයක්. අපේ රට ගත්තේ අන්තවාදී තීන්දුවක්. | සජිත් ප්‍රේමදාස මුස්ලිම් මරණවලට විශේෂයක් කරන්නැයි ඉල්ලයි.

colombotoday