Colombo Today Local News

වසන්ත මුදලිගේ ගැන ප්‍රතිශෝධන පෙත්සමට අදාළව නියෝගයක්

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුවක් බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමකට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (19)දින නියම කර තිබේ.

ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව සම්බන්ධයෙනි.

මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරයා පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත්තේ, මෙම පෙත්සමට අදාළ ලිඛිත දේශන අගෝස්තු මස 4 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසය.

Related posts

“විශ්වාසභංග සීයක් ගෙනාවත් පරද්දනවනම් බොරු.. බහුතරය අපටයි” – ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති

colombotoday

මන්ත්‍රී සැප වාහනවලට තවත් කෝටි දෙසීයක් වෙන්කරයි !

colombotoday

මහලේකම් ධුරයෙන් දයාසිරි නෙරපයි

Admin

අවම බස් ගාස්තුව 32ක් වෙද්දී උපරිමය 4000 පනී

colombotoday

“අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ“ – නීතිපතිගේ මතය මෙන්න

colombotoday

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් 27වනදා දිවයිනට

colombotoday