Colombo Today Local News

කටුනායක ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවයක

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

වැටුප් වැඩි කරගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (19) උදෑසන මෙම විරෝධතාවය ආරම්භ කර ඇත.

මෙම විරෝධතා ව්‍යාපාරයට ගුවන්තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් එහි සාමාජිකයින් 3,000ක පමණ පිරිසක් එක්වී ඇති බව වාර්තා වෙයි.

මෙම සේවකයින්ට අවසාන වශයෙන් වැටුප් වැඩිවීමක් හිමිවී තිබුණේ 2018 වසරේදී බවත් ඔවුන් පවසයි.

සියලුම වැටුප් තලවල ගුවන්තොටුපොළ සේවකයින් වෙත අවම රුපියල් 33,000ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස තමන් ඉල්ලීමක් කරන බවද ඔවුන් සඳහන් කරයි.

මෙම සේවක විරෝධතාවය නිසා ගුවන් ගමන්වලට හෝ ගුවන්තොටුපොළ එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතුවලට බාධාවක් හෝ බලපෑමක් සිදුවී නොමැති බව ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරියා පවසයි.

Related posts

අර්ජුන් ඇලෝසියස්ගේ දුක සැප බලන්න මන්ත්‍රී පිරිසක් බන්ධනාගාරයට

colombotoday

සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළෙයි

Admin

ආණ්ඩු හදන්නෙත් පලවා හරින්නෙත් ජනතාව

Admin

දින 25ක කාලයක් සඳහා නොරොච්චෝලේ වසා දමයි

Admin

බාල වයස්කාර දැරියක් දූෂණය කර මරා දමා සැඟව සිටි සැකකරු අත්අඩංගුවට

colombotoday

නිදහස් සතියේ උපන් කිරිකැටියන්ට මහජන බැංකුවෙන් තිළිණ

colombotoday