Colombo Today Local News

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි – අනුර කුමාර දිසානායක

මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ පැවැත්වීම සඳහා බලයක් ලැබී තිබෙන වෙලාවක එම මැතිවරණ කොමිසම තේරීම් කාරක සභාවක් හරහා විමර්ශනයට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයක් නොවේයැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙය මැතිවරණ කොමිසමට ලබාදී තිබෙන ස්වාධීනත්වයට පාර්ලිමේන්තු බලය අනිසි උපයෝගී කර ගැනීමක් බවද මන්ත්‍රීවරයා කීය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ යෝජනාව තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංගණය කිරීමක් බව කී මන්ත්‍රීවරයා මෙරට මැතිවරණයට ඉතිහාසයට තිබෙන්නේ ඉතා කළු කැත ඉතිහාසයක් බව කීය.

යම් ප්‍රමාණයකට හෝ මේ මැතිවරණ ස්වාධීන කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවනු ලැබූ බවද රටේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව සහ ඊට අවශ්‍ය නියාමන ක්‍රියා මාර්ග සියල්ලම මැතිවරණ කොමිසමට බලයක් ලෙස පැවරී තිබෙන බව අනුර දිසානායක මහතා කීය.

ජනාධිපතිවරයා ජනමතයට මුහුණ නොදී පලා යන්න උත්සාහයක් තිබෙන අතර මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීමට දරන ප්‍රයත්නය නතර කළ යුතු යැයිද අනුර දිසානායක මහතා සඳහන් කළේය.

Related posts

පැනගිය කොවිඩ් ආසාදිත රැඳවියෙක් දෙමටපිටියෙන් හමුවේ

colombotoday

ඒකාබද්ධයෙන් 4ක් ආණ්ඩුවට.. එන අය ගැන ඉගියක් හැරිසන්ගෙන්

colombotoday

අවම ඡන්ද ලක්ෂ 65ක් ලබාගැනීම අපේ ඉලක්කයයි !

colombotoday

පරිසර පාලුවෝ ඩෙවොන් රක්ෂිතයට ගිනි තබති… අක්කර 20කට හානි

colombotoday

ඩඩ්ලිගේ රාජ්‍යයට රජයෙන් පනී

Admin

රජයට පාඩු කළ චෝදනාවෙන් ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් නිදහස්

Admin