Colombo Today Local News

අධිවේගයේ යතුරු පැදියක් පැද්ද අයෙක් අල්ලයි

දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළුවී යතුරු පැදියක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (16)දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කළුතර මතුගම මාර්ගයේ සිට පැමිණ තිබූ සැකකරු දොඩම්ගොඩ අධිවේගී පිවිසුමෙන් මාතර දෙසට ඇතුළු වී වැලිපැන්න දෙසට යාමට උත්සාහ දැරීමේදී පසුපස හඹා ගිය අධිවේගී රථවාහන පොලිසියේ දොඩංගොඩ පිවිසුමේ පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි සැකකරු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇතැයි ද, ඔහු මතුගම ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මිකයෙක් බවද පොලිසිය කියයි.

යතුරුපැදිකරු අධිවේගී මාර්ගය ඔස්සේ යතුරුපැදිය ධාවනය කරන අයුරු වාහනයක සවිකර තිබූ කැමරාවක සටහන්ව ඇත.

දොඩන්ගොඩ අධිවේගී රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දසනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් දොඩම්ගොඩ පොලිසිය වෙත භාරදුන් සැකකරු එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සි ඒ එස් චම්මික,රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පි කේ කාංචන ප්‍රියශාන්ත මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ලක් ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාවට වසර තුනයි..

colombotoday

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ පොලිස් ලොක්කාට අධිකරණ නියෝගය අසා වමනේ යයි

colombotoday

මීළඟ අගවිනිසුරු ජයන්ත ජයසූරියද? විනිසුරුවරු බුවනෙක අළුවිහාරේද? සිසිර ද ආබෲද?

colombotoday

රනිල්ට 54%ක්

Admin

රිෂාඩ් බදියුදීන්ට එරෙහි පැමිණිලි විමර්ෂණය කිරීම ඇරඹේ

colombotoday

අගමැතිගේ තීරණයකට ජනපති එරෙහි වෙයි.. ආණ්ඩුව ගිණියම් වෙයි.. ‘සම්මුතිය‘ දෙදරණ ලකුණු !

colombotoday