Colombo Today Local News

මාස හතරෙන් එන්නත ලබා දුන් සිඟිත්තියක් මරුට

එන්නතක් ලබාදීමෙන් පසු රෝගාතුර වූ බව කියන මාස හතරක් වයසැති දැරියක් ඊයේ(16)දින මියගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය පොලිස් වසමට අයත් ඉහළ ගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් ඒ එස් නිම්නාදි දිසානායක නමැති දැරියකි.

කටින් සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මෙම දැරිය කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.

මෙම දැරියට පසුගිය 15 වන දින හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මාස හතරෙන් ලබා දෙනු ලබන එන්නතක් ලබාදී ඇති අතර පසු දින මෙම අසනීප තත්ත්වය ඇති වූ බව දැරියගේ පියා පවසන්නේ යැයි පොලීසිය පවසයි.

මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

මීගමුව ප්‍රා. ලේකම්ගේ සිරුර බාල්කයක

Admin

රුවන් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.

colombotoday

ලංවිම බෝනස් දෙන්න ඕන සේවක කාර්‍යක්ෂමතාව මත

Admin

“නීතිය මොකක් වුවත් ලංකාවට එන සරණාගතයන් අපි රැකබලාගන්නවා” – මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී

colombotoday

වැළලෙන්න ඉල්ලා “බලහත්කාරී ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය” විරෝධතාවක

colombotoday

ඇමැති ප්‍රසන්නගේ පළමු රාජකාරිය දේපළ අහිමිවූ මන්ත්‍රීවරුන්ට සාධාරණය ඉටු කිරීමයි

colombotoday