Colombo Today Local News

IMF කොන්දේසි 08ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වෙලා

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන යටතේ ඉටුකළ යුතු කොන්දේසිවලින් 33ක් ජුනි මාසය අවසන් වන විට සම්පුර්ණ කර ඇති බවත්, කොන්දේසි 08ක් සපුරාලීමට අපොහොසත් වී ඇති බවත් වෙරිටේ රිසර්ච් විශ්ලේෂණ ආයතනය පවසයි.

එහෙත් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1% දක්වා ඉහළ නැංවීම, ඔට්ටු තැබීමේ සහ සූදු ක්‍රීඩා සඳහා බදු ඉහළ නැංවීම, රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීම සහ නව දූෂණ මර්දන පනත බලාත්මක කිරීම වැනි ඉලක්ක ශ්‍රී ලංකාව විසින් සපුරාගෙන නොමැති බව එම ආයතනය පෙන්වා දෙයි.

පසුගිය මාර්තු මාසයේ 02 වැනිදා අනුමත කෙරුණු මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වැඩසටහනේ හඳුනාගත් කොන්දේසි
100ක් වෙරිටේ රිසර්ච් මඟින් මෙලෙස සිය සමීක්ෂණයට භාජනය කර ඇති අතර සැප්තැම්බරයේ යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ඉන් 71%ක් සපුරාලිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

Related posts

“සති දෙකක් සඳහා වහාම රට වසා දැමිය යුතුයි” – විමල්

colombotoday

අස්වැසුම නව අයදුම්පත් කැදවීම හෙට සිට

Admin

විමල් වීරවංශ අත්අඩංගුවට ගනී

colombotoday

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

සුනාමි කලුවා – මීගොඩ චව්වා සහ බඩෝවිට වසා පොලිස් දැලේ

colombotoday

අභිරහස් ලෙස මියගිය මළ සිරුරු දෙකක් හමුවෙයි

Admin