බෙම්මුල්ල පොලිස් බල ප්රදේශයට අයත් අලුත්ගම-බෝගමුව ප්රදේශයේ නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බෙම්මුල්ල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වෙරගලගේ චතුරිකා මදුෂානී අබේරත්න නමැති 31 හැවිරිදි එක් දරු මවකි.
අලුත්ගම – බෝගමුව ප්රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක, නිවසක් කුලියට ගෙන මියගිය තැනැත්තිය සැමියා සහ දරුවා සමග වාසය කොට ඇති අතර ඊයේ (16) රාත්රී 11 ට පමණ නිවසේ සිව්වන මහලින් බිමට වැටී ඇති බවත් සැමියා විසින් මැය ගම්පහ රෝහලට ඇතුලත් කරනවිට මියගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි.