Colombo Today Local News

පිරමීඩ ජාවාරමකට මුදල් ඉල්ලූ අයෙක් පහර දී මරාදාලා

තංගල්ල පොලිස් වසමේ ගල්බොක්ක ප්‍රදේශයේ දී ඊයේ (13)දින සිදු වූ පහර දීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව ඇත.

මරණකරු වයස අවුරුදු 37ක ගොඩැල්ලවෙල, තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, බහින්බස් වීමක් අතරතුර පොල්ලකින් සිදු කළ පහර දීමකින් මෙම මරණය සිදු ව ඇති බව වාර්තා වෙයි.

මරණකරු තහනම් පිරමීඩ ජාවාරමකට යෙදවීම සඳහා සැකකරුගෙන් රුපියල් ලක්ෂ 20ක් ඉල්ලා සිට ඇති අතර, ඔහු අදාළ මුදල ගැන විමසීම සඳහා සැකකරුගේ නිවසට ගොස් තිබුණු බව සඳහන්ය.

එම අවස්ථාවේ දී මරණකරු හා සැකකරු අතර, බහින්බස් වීමක් ඇති වී ඇති අතර, එය දුරදිග යාම නිසා මෙම පහර දීම සිදු වී ඇති බව පොලිස් විමර්ශන තහවුරු කරයි.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බව වාර්තා වෙයි.

Related posts

අද විදුලි කැපෙන හැටි

colombotoday

බදියුදීන් පැය 9කට පසු CIDයෙන් පිටව යයි

colombotoday

පාර්ලිමේන්තුවේදී ඩයනාට සුජිත් පෙරේරා පහර දෙයි

Admin

“එන වසරේ සිට සියළු සිසුන් සාමාන්‍ය පෙළ සමත් කරනවා.. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා” – අකිල

colombotoday

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 ක් අත්අඩංගුවට

colombotoday

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටි බන්ධනාගාර රැඳවියෙක් පළා යයි

Admin