World

ඉන්දියාව “චන්ද්‍රයාන් – 3” සඳ ට යවයි

සාර්ථක මෙහෙයුමකින් පසු “චන්ද්‍රයාන්-3 “අභ්‍යවකාශ යානය අද(14) පස්වරු 2.35 ට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

අභ්‍යවකාශ යානය දියත් කරන විට ශ්‍රීහරිකෝටා හි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් පාලනයේ විද්‍යාඥයින් අත්පොළසන් දෙමින් ඔවුන්ගේ සතුට ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චන්ද්‍රයාන්-3 දියත් කිරීමට පෙර ට්විටර් සටහනක් තබමින් “අපේ ජාතියේ බලාපොරොත්තු සහ සිහින රැගෙන යන විශිෂ්ට මෙහෙයුමක් ලෙස මෙය හැඳින්විය හැකි බවත්, 2023 ජූලි 14 සැමවිටම රන් අකුරින් සටහන් වනු ඇති බවත් ” යනුවෙන් තම සතුට ප්‍රකාශ කර ඇත.

චන්ද්‍රයාන් – 3 ගුවන්ගත කිරීම නැරඹීමට දහස් ගණනක් ජනතාව පැමිණ සිටි බවද විදෙස් මාධ්‍ය පවසයි.

මෙම අභ්‍යවකාශ යානය දින 40ක කාලයකට පසු එනම් අගෝස්තු 23-24 දිනවල සඳ මත ස්පර්ශ කෙරෙනු ඇති බවට විශ්වාස කරන බවද අභ්‍යවකාශ නිලධාරීන් පවසා තිබේ.

Related posts

කැරලිකරුවන් දේශප්‍රේමීන් යැයි ඉවන්කා ට්‍රම්ප් කියයි

colombotoday

සුප්‍රකට පොප් ගායිකා Coco Lee මියයයි

Admin

පැරීසියේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් – Video

colombotoday

චාර්ල්ස් කුමරුටත් කොරෝනා වෛරසය වැළදේ

colombotoday

ඉන්දීය නළු සෞමිත්‍රා චැටර්ජි මිය යයි

colombotoday

ඉරානයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය කෙරේ

colombotoday