Colombo Today Local News

කිරිපිටි වල රේගු ආනයනික බද්ද සංශෝධනය කරයි

ආනයනික කිරිපිටි සඳහා රේගූ ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඊයේ (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර තිබේ.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා සියයට 20ක හෝ රුපියල් 225ක රේගු ආනයනික බද්දක් පනවා තිබු අතර පසුගිය කාලයේ එය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100ක බද්දක් පනවා ඇති බව වාර්තා වෙයි.

නැවත දැනුම්දෙන තුරු මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය කියයි.

කෙසේවෙතත් බදු ඉහළ දැමීමක් සිදුවුවද ආනයනික කිරිපිටි මිලෙහි වෙනසක් සිදු නොවන බව වාර්තා වෙයි.

Related posts

බන්ධනාගාරගත රැදවියන්ට අමුත්තන් පෙන්වීම නැවත් අරඹයි

colombotoday

කෘෂිකර්ම ගැටලු කාර්යක්ෂමව විසඳන්න කාර්ය සාධක බලකායක්

Admin

අපරාධකරුවන්ට රටින් පනින්න හොර පාස්පෝට් හදපු 3ක් දැලේ..

Admin

ගිලන් වූ සෝභිත හිමි සිංගප්පූරුවට.

colombotoday

ජනපති පෙරේදා පත්කළ ආණ්ඩුකාරවරුන්ගේ පුටු නැවතත් මාරු කරයි…

colombotoday

කවුරු දින්නත් මාස කීපයකින් ඔහුට තනතුර අහිමි වෙනවා

Admin