Colombo Today Local News

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට ගැන අලුත් චක්‍රලේඛයක්

වැටුප් රහිත නිවාඩු (දේශීය හා විදේශීය) ලබාගන්නා රජයේ නිලධාරින්ගේ විශ්‍රාම වැටුපට එම නිවාඩු කාල සීමාවෙන් කිසිදු හානියක් නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී එන් රංජිත් අශෝක මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයකින් දැනුම්දී ඇත.

එසේම ඔවුන් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට පෙර දින පැවති ජ්‍යෙෂ්ඨතාවයද නැවත රාජකාරියට වාර්තා කළ පසු කිසිදු වෙනසක් නොවන බවද එම චක්‍රලේඛයේ දැක්වේ.

නිලධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු කාලසීමාව ජ්‍යෙෂ්ඨතාවය සඳහා අදාළ කර නොගැනීමට කැබිනට් මණ්ඩලය පසුගිය 10 වැනිදා තීරණය කළ බවද එහි සඳහන් වේ.

රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසායන්හි නිලධාරීන්ට එම විධිවිධාන අදාළ කරගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කෙරෙන බවද චක්‍රලේඛයේ දැක්වේ.

මේ අතර විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා නිලධාරීන් ඔවුන්ට නිවාඩු අනුමත කරන ප්‍රධානීන් සමග එළඹිය යුතු ගිවිසුම් මාලාවක්ද මෙම චක්‍රලේඛය සමග ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

Related posts

රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙහෙයුම ගැන හින්දු සම්මේලනය කතා කරයි

colombotoday

අගමැති රනිල් 2020 ජනපති කරවීමට අපකැප වෙනවා – කවින්ද ජයවර්ධන

colombotoday

දුම් බද්දෙන් ත්‍රී රෝද රථ/යතුරුපැදි නිදහස්

colombotoday

ජනපතිත් රවටා, රටට හොරෙන් අත්සන්කළ සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක බව රජය පිළිගනී

colombotoday

2024 වනතුරු නායකත්වය ගැන කතා එපා ! රනිල් එජාප මන්ත්‍රී කණ්ඩායමට දන්වයි

colombotoday

මහාචාර්ය කාලෝ රෝහල්ගත කරයි.. ඉහළම වෛද්‍ය කණ්ඩායමකින් දැඩි සත්කාර !

colombotoday