Colombo Today Local News

වරාය අධිකාරිය පනත සංශෝධනයට අනුමැතිය

1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අදාළ පනත සංශෝධනය කිරීම සඳහා 2023.1.2 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබෙන බව රජය පවසයි.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Related posts

මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාට සුවසැරිය සේවක සංගමයේ තිදෙනකුගේ වැඩ තහනම්

colombotoday

ආපදා මරණ 100 ඉක්මවයි.. 100කට වඩා අතුරුදන්

colombotoday

කොළඹ, කුරුණෑගල, හම්බන්තොට, මොනරාගල මනාප ප්‍රථිපල වෙනස් කිරීමේ උත්සහයක් – ස්වාධීන කණ්ඩායමකින් පැමිණිල්ලක්

colombotoday

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නංවාලීමට උතුර දකුණ කියා වෙනසක් නෑ-අගමැති

colombotoday

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා දිනය ගැන ගෝඨාභය හෙලි කරයි…

colombotoday

උපකාරක පංති ගුරුවරයෙකුට කොරෝනා.. සිසුන් 100ක් නිරෝධායනයට

colombotoday