Colombo Today Local News

පාස්කු වින්දිතයින්ට හිටපු ජනපති මෛත්‍රී වන්දි ගෙවයි

රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඒ මහතා වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි.

ඒ, පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ සඳහන් කර තිබෙන්නේ, තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97,500/- ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බවය.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ රුපියල් මිලියන 100ක් වන්දි මුදල අතුරින් ඉකුත් ජුනි මස 28 වනදා රුපියල් මිලියන 10ක් සහ රුපියල් මිලියන 5ක් බැගින් රුපියල් මිලියන 15ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූවන්ගේ අරමුදලට ගෙවා ඇති බවත් එම මෝසමේ සඳහන් කර තිබේ.

Related posts

හෙරොයින් හා හමුදා නිල ඇඳුම් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

“හිතේ ගින්දර නැතිව ලිපි ගිනි මෙලවිය හැකි සුබ අළුත් අවුරුද්දක් වේවා” – හිටපු ජනපතිගේ අලුත් අවුරුදු පැතුම

colombotoday

පාසල් දිවා ආහාරයට මිලියන 814ක අත්තිකාරම් මුදලක් නිකුත් කරයි

Admin

ප්‍රංශ දූත පිරිසක් විදේශ ඇමති හමු වෙයි

colombotoday

කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 හුදකලා කෙරේ

colombotoday

දමිළ දේශපාලන සිරකරුවන් 46ක් නිදහස් කරන්න වැඩ පිළිවලක්

colombotoday