Colombo Today Local News

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැබ් රථයක ගැටෙයි

රුකඩ වැව ප්‍රදේශයේ වැටලීමකට යතුරුපැදියකින් ගිය නොච්චියාගම පොලිසියේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයා සහ සැරයන්වරයකු යුද හමුදාවේ කැබ් රථයක හැපී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.

අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ, නොච්චියාගම , ළිඳවැව ,රුකඩ වැව හන්දියේදී මේ අනතුර සිදුවී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂක සහ සැරයන් වරයා ඒ අවස්ථාවේම නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර එවා තිබුණි.

ඔවුන් දෙදෙනාගේම පාද හා අත් වල අස්ථි බිඳී තිබෙන බවත්, ඔවුන් ශල්‍යකර්මවලට භාජනය කළ බවත්,රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කරයි.

කලාඔය යුද හමුදා කඳවුරට අයත් කැබ් රථය පැදවූ සෙබළා නොච්චියාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

ආදාහනය කළ බිළිඳු සිරුර ගැන පෙත්සම් සළකා බැලීමට විනිසුරු අකමැතියි.

colombotoday

මහේස්ත්‍රාත්ට ඕල්මොරෝන්දන් – බාහු කියයි. නිතිය බල්ලට – සාගල මැදිහත්වෙයි

colombotoday

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30 ක් අද උද්ඝෝෂණයේ

colombotoday

ජනපති මෛත්‍රීට අවුරුදු හයම බලයේ සිටිය හැකි බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි…

colombotoday

අර්ජුන රණතුංග අධිකරණයට එයි

Admin

නොරොච්චෝලේ ජනන යන්ත්‍රය සක්‍රිය කිරීමට දින 3 – 5 කාලයක් ගත වේවි – කංචන විජේසේකර

colombotoday