World

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා – අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග..

අධිචෝදනා ගොනු කළ තමාට ලබන අඟහරුවාදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර ඇති බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ, මියාමි නුවර ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස තමාට දැනුම්දී ඇති බවයි.

හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙකුට එවැනි අත්දැකීමකට මුහුණපෑමට කිසිදු දිනෙක සිදුවේ යැයි තමා අපේක්ෂා නොකළ බව ද ඔහු පවසයි.

රහස්‍ය ලිපිගොනු වැරදි ලෙස පරිහරණය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රප්ම්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ක්‍රියාත්මක වන පසුබිමක මෙම අධිකරණ නියෝගය නිකුත් කෙරිණ.

ඔහුට විරුද්ධව අධිචෝදනා 7 ක් ගොනුකර ඇතත්, ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

බටහිර රාජ්‍යයන් මාව තනි කළා. අපිට අපි විතරයි – යුක්රේන් ජනපතිගෙන් ප්‍රකාශයක්

colombotoday

ගව ඝාතනයක් නිසා කේරලය ගිනියම් වෙයි. ප්‍රාන්තය පුරා ආරක්ෂාව තර කරයි

colombotoday

උතුරු කොරියාව දිගුදුර මිසයිල අත්හදාබලයි

colombotoday

විද්‍යාඥයින් මවිත කරමින් අඟහරු ලොවෙන් මතු වූ බුදු රුව?

colombotoday

කොවිඩ් නිසා ඕස්ට්‍රේලියාවේ සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට තීරණයක්

colombotoday

පණ ඇති සර්පයින් හැට්ටේ අස්සේ සඟවාගෙන වරායට ආ කතක් මාට්ටු

Admin