Colombo Today Local News

බෝතල් කටු ඇනුණු දරුවෙකුගේ මළසිරුරක් වැඩබිමකින් හමුවෙයි

විදුරු බෝතලයක කටු ඇනී තුවාල සහිතව මියගොස් සිටි දරුවෙකුගේ මළසිරුරක් මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට තිබී සොයාගෙන තිබේ.

119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මුල්ලේරියාව පොලීසිය සිදුකළ විමර්ශනයකදී ඊයේ (08) පස්වරුවේ එම දරුවාගේ මළසිරුර සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

මියගොස් ඇත්තේ අවුරුදු 5යි මාස 6ක් පමණ වයසැති මාලඹේ හල්බරාව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු බව පොලීසිය පැවසීය.

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවාකාලයේ රැකියාව සඳහා පිටව යන බැවින් එම දරුවා ආච්චි සහ සීයාගේ රැකවරණය යටතේ සිට ඇති බව අනාවරණය වී තිබේ.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ ස්ථානීය පරීක්ෂණය මේ වනවිට සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර තිබේ.

Related posts

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකාර සහරාන්ට නායකත්වය දුන් පූජකයා අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුව වහා ම ක්‍රියාත්මක වන පිරිදි යළි මුදල් අමාත්‍යංශය යටතට

colombotoday

ඔබගේ පයට පෑගෙන දූවිලි වලටත් වඩා මම නිහතමානී වෙනවා !

colombotoday

සුරා බද්දේ හිඟ මුදල් මිලියන ගණනක් දෙපාර්තමේන්තුවට ගෙවා නැහැ

colombotoday

නාකොටික් SI අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

colombotoday