Colombo Today Local News

සාපෙළ ලියා ආ සිසුවා සිසුවියකගේ යතුරු පැදියේ ගැටී මිය යයි

සාමාන්‍ය පෙළ විභාගය නිමාවී යතුරු පැදියකින් නිවසට යමින් සිටි පාසල් සිසුන් දෙනකු ගමන්ගත් යතුරු පැදියක් හා තවත් පාසල් සිසුවියක පැදවූ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවකු හා සිසුවියක තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලිසිය පවසයි.

ඉපලෝගම දී මෙම මාරක යතුරු පැදි අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් යතුරුපැදිවල ගමන් ගත් සිසුන් දෙදෙනා හා සිසුවිය බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට එහිදී ප්‍රදේශවාසී පියවර ගෙන ඇත.

පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කර තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් බරපතළ තත්ත්වයේ පසුවූ එක් සිසුවකු අද(09) උදෑසන මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

Related posts

මංත්‍රී වරප්‍රසාද එකපාර ඉවත් කරන්න බෑ

Admin

ගීතාට මන්ත්‍රීකම් බෑ – නීතිපති දන්වයි

colombotoday

උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක් මේ යන්නේ හරි පාරේ.

colombotoday

සුදේව සහ රංගන හිරු දමා යති. ස්වර්ණවාහිනියෙන් ඉහලම පුටු දෙකක්

colombotoday

බලහත්කාරය නවතා ගැටළුව විසදන්නැයි වෘත්තිය සමිති කියයි

colombotoday

ෆොන්සේකා – සුමන්තිරන් මත ගැටුමක් නිසා තේරීම් කාරක සභාව උණුසුම් වෙයි

colombotoday