Colombo Today Local News

අනුරගේ විරෝධතා පාගමනට තහනම් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08)දින පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07)දින එම නියෝගය නිකුත් කර ඇත.

වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කර තිබේ.

ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.

Related posts

ව්‍යවස්ථාදායක සභාවට බිමල් රත්නායක නම්කරයි…

colombotoday

විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කරන්න තීරණයක්

Admin

රාජ්‍ය දේපළ අවභාවිතා කල මිරිස්කුඩු ප්‍රසන්නගේ පුත්‍රයාට එරෙහිව සී.අයි.ඩි.යට පැමිණිල්ලක්

colombotoday

අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් 95%ක් ඇණහිටී..

colombotoday

වයස 14 සිසුවාට හදි කළ පොහොට්ටු මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට….

colombotoday

උපේක්ෂා ස්වර්ණමාලි (පබා) අත්අඩංගුවට

colombotoday