ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පසුගියා කරන ලද ආන්දෝලනාත්මක ප්රකාශයත් සමග ආණ්ඩුවේ ශ්රීලනිප- එජාප පාර්ශවය අතර ඇතිව තිබෙන මතබේධාත්මක තත්වය සමනය කිරීම සදහා එංගලන්තයේ පුද්ගලික සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති චන්ද්රිකා කුමාරණතුංග මහත්මිය හෙට දිනයේ යළිත් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
අගමැතිවරයා සහ ජනාධිපතිවරයා විදෙස් සංචාරයක නිරතව සිටින බැවින් ශ්රීලනිප – එජාප ජේෂ්ඨයින් හමුවී ඇය දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිත අතර, ඇයගේ ප්රධානත්වයෙන් ශ්රීලනිප නායකයින්ගේ විශේෂ රැස්වීමක් එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතාගේ කොළඹ නිවසේදී හෙට(18 දා) සවස පැවැත්වීමට නියමිතය.
එමෙන්ම මේ සතිය ඇතුළතදී හිටපු ජනාධිපතිනී චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සහ එජාපයේ සභාපති මලික් සමරවික්රම මහතා අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.