අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
ඊට අදාල ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇති අතර, ලිපිය භාරගන්නා ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වා ඇති බවද පැවසෙයි.
අල්ලස් කොමිසම CID, FCID යන ආයතක දේශපාලන උවමනාවන් මත කටයුතු කරන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්රකාශය නිසා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.