Colombo Today Local News

අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි 38ක් නාවික හමුදාව බේරාගනී

ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (07) උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකින් ඔවුන්ව බේරාගෙන තිබුණි.

යාත්‍රාවේ තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත්වීමට නොදී ගොඩ ගැනීමටත් කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටි කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ‍ඩෙල්ෆ්ට් දූපත දක්වා පුද්ගලයන් තිස් අට දෙනෙකු සමඟ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් ‍ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුව අසලදී මුහුදේ පැවති බාදිය තත්ත්වය හේතුවෙන් යාත්‍රාවේ පතුල මුහුදු පත්ලේ ගැටී යාත්‍රාව සිදුරුවී තිබේ.

එම යාත්‍රාව අනතුරකට පත්වී ඇති බවට උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය වෙත තොරතුරක් ලැබි ඇත.

එම දැනුම් දීමට ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා යොදාගනිමින් අනතුරට පත් යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කර තිබේ.

‘කාලි අම්බාල් 2’ නම් එම යාත්‍රාව ‍ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුවෙහි අනතුරට පත්ව ගිලී ගියේ නම්, ‍ඩෙල්ෆ්ට් දූපත වෙත සිදුකරනු ලබන සියලුම ගමනාගමන කටයුතු ඇනහිටීමටත් එහි පරිපාලනයට විශාල බලපෑමක් සිදුවීමටත් ඉඩ තිබුණු බව නාවික හමුදාව පවසයි.

Related posts

අග්‍රාමාත්‍ය ධූරයට සුදුසුම මහින්ද රාජපක්ෂයි. අපි තුනෙන් දෙකේ බලයක් අරගෙන දෙනවා. සුදත්ත හිමි තම ප්‍රකාශය වෙනස් කරයි

colombotoday

ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය දෙනවා..

colombotoday

රන් මිල අදත් ඉහළට

Admin

බන්ධනාගාර රැඳවියෙක් රාගම රෝහලේදී පලා යයි

Admin

මියගිය කොටින් සමරන්න ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී අනුමැතිය ඉල්ලයි

colombotoday

ෆේස්බුක් සමාජ ජාලා හදිසි බිද වැටීමක්

Admin