කොළඹ නාගරික සීමාව හැර දිවයිනේ සෙසු පළාත්වලට විදුලිය කපා හරින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව පෙරවරු 8 සිට සවස 6 අතර කාලය තුළ පැය දෙක හමාරක කාලයක් විදුලිය කපා හරිනු ලැබේ. එමෙන්ම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා අතර කාලය තුළ පැයක පමණ කාලයක් විදුලිය කපාහරිනු ලැබේ. කළාප හතරකට බෙදා මෙම විදුලිය විසන්ධි කිරීම සිදුවන අතර එහි කාලසටහන පහත දැක්වේ.