Colombo Today Local NewsTop Stories

වැලි ජාවාරම නිසා කලුගං මෝය අනතුරේ… මාල හොරුන්ගේ ගෝලයින් නලින්දගේ තුරුල්ලේ…

2017 වර්ෂයේදි කලුතර දිස්ත්‍රික්කයට ඇද හැලුණු ගංවතුර තත්වය පාලනය කිරීම සදහා කැලිඩෝ වෙරළ තීරය කපා කෙලින්ම කලුගග මුහුදට හරවන ලදි.

මෙහි ප්‍රතිලයක් ලෙස පැරැණි මෝය කට තිබූ අවානි හෝටලය ලග ස්ථානය වැසී ගිය අතර ඉතා ආකර්ෂණීය සංචාරකයන්ගේ මහත් අවදානයට ලක්ව තිබු තිබුණු කැලිඩෝ වෙරළ තිරය  විනාෂ වී ගියේය.

ඒ අතරම කලුතර උතුර හෝටල් ආශ්‍රිත මුහුදු තීරයද ඉතා දරුණු ලෙස ඛාදනයට ලක් වෙමින් තිබේ.

මෙයට අමතරව ඉතා විශාල ලෙස වැලි තීරයක් කලුතර පාලම සහ මෝය කට අසල එක් රැස් වී තිබේ.

මෙම වැලි තීරුව විශාල ඉල්ලමක් වී වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇති අතර මෙම වැලි ජාවාරම්කරුවන්ට කලුතර දිසාපති රැකවරණය සපයන බව ප්‍රදේශවාසීන් පවසයි.

එසේම කලුතර දිසාපති හා දකුණු කලුතර පොලිසියේ සහය මෙම වැලි ජාවාරම් කරුවන්ට ලැබෙන බවද පැවැසේ.

එසේම මෙම වැලිජාවාරම් කරුවන්ට නීත්‍යානුකූල අවසරය ලබා දීමට දිසාපති මහත් උත්සහයක් දරණ බව පෙනී යයි.

සදුදා දින මේ වෙනුවෙන් රැස්වීමක් පවත්වා එයට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමට දිසාපතිවරයා උත්සහ ගන්නා බව අදාල රාජ්‍ය නිලධාරීන් චෝදනා කරයි.

එසේම ජනක ගුණවර්ධන දිසපතිතුමන් කලුතර හිටපු අමාතය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ගෝලයෙක් බවද පැවසේ

Related posts

අමාත්‍ය සනත් නිශාන්තගේ මරනය සැක සහිතයි බිරිද පැමිනිලි කරයි

Admin

දඹුල්ලේදී තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

උඩ වලවේ වෙඩි හුවමාරුවක්

colombotoday

එක් දිනක් තුළ තේ පැළ ලක්ෂ 35ක් සිටුවීමට සැලසුම්..

Admin

හැඳුනුම්පත නැති නිසා තාප්පයෙන් පැන උසාවි ගිහිල්ලා! සැකකරු නමගිය හොරෙක්‌!!

colombotoday

වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයි

colombotoday