Colombo Today Local News

ජයසේන ඉස්කෝලෙ මහතාට කලකට පසු හමු වූ ‘දෙවන මනමාලයා‘

ඊයේ පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්ව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට ඇදුණි.

ජනාධිපතිතුමා හමුවට පැමිණියේ පැසුණු හිසින් යුත් අමුත්තෙකි.

දිගු අතීතයක සිට පැවත එන ගැඹුරු මිතුදමක මතක ගොන්නක් ද රැගෙන පැමිණි ඔහු විශ්‍රාමික ගුරුවරයෙකු වූ ද ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු ද වූ පානදුර මාලමුල්ලේ ජී.ජයසේන පිරිස් මහතාය.

60 දශකයේ ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබ පොළොන්නරුව ඇතුමල්පිටිය පාසලේ සේවයට ගොස් සිටි අවධියේ ජයසේන මහතාගේ සමීපතම මිතුරාව සිටියේ එවක පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකුව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔවුන් අතර මිතුදම කොතෙක් ගැඹුරු වි ද යත් ජයසේන මහතාගේ විවාහයේ දෙවෙනි මනාලයා ලෙස එක්වුයේ ද මේ උසස් පෙළ සිසුවාමය. තම දුෂ්කර ගුරු සේවයේ වෙහෙස පවස නිවා ගන්නට නොනිම් සිසිලක් වු තම ගම්බද සගයා අද රටේ ජනාධිපති ධූරය හෙබවූව ද ඔහු ඉදිරියේ ජයසේන පීරිස් මහතාට අදත් දැනුණේ ඒ සුපුරුදු අතීත ලෙන්ගතුකමය.

ඡායාරූප – ජනාධිපති මාධ්‍ය ඒකකය

Related posts

හොරණදී වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday

දුමින්ද සිල්වා ව ජනාධිපති නිදහස් කළා. – අද එලියට එනවා. | බන්ධනාගාර ඇමති තහවුරු කරයි.

colombotoday

දුම්රිය ගමනට බාධා නිසා ප්‍රමාදයක්

Admin

අලි සබ්රි ගේ මල්ලි තෙල් සංස්ථා පරිශ්‍රයේ මුස්ලිම් පල්ලියක් හදන්න යයි. ඥානසාර හිමි කොලොන්නාව තෙල් ගබඩාවට යයි

colombotoday

ප්‍රබල ඇමතිවරයෙක් ඉන්දියාවට රත්‍රං විකිණීමේ ජාවාරමක

colombotoday