උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ජාතිවාදී, බෙදුම්වාදී ක්‍රියාකළාපයට එරෙහිව බොදුබල සේනා, රාවණා බලය ඇතුළු ජාතික සංවිධාන සහභාගීත්වයෙන්, වව්නියාවේ සිංහල වැසියන් විසින් සංවිධානය කළ විරෝධතාව අද පෙරවරුවේ වව්නියාව නගරයේදී පැවැත්විණි.
වව්නියාවේ කොක්එළිය සංහිදියාවේ සත්විරුගම ගම්මානයට ඊයේ (29) පෙරවරුවේ කඩා වැදුණු කොටි පිස්තෝල කල්ලියේ හිටපු නායකයකු වන සින්නවන් නමැත්තා ඇතුළු පිරිස, උතුරෙන් පිටවන ලෙස එහි වාසය කරන රණවිරු පවුල්වල සාමාජිකයන්ට තර්ජණය කර තිබිණි.
මේ වන විට විරෝධතාවයට සහභාගී වූ බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා ප්රමුඛ පිරිස එම ගම්මනයේ වැසියන්ගේ තොරතුරු විමසා බැලීම සදහා එහි ගොස් ඇති බවට වාර්තා වනවා.