Colombo Today Local News

රාජ්‍ය මාධ්‍යයෙන් ඉස්ලාම් අන්තවාදය වපුරන බව ඇමතිත් පිළිගනී !

රාජ්‍ය මාධ්‍ය තුළටද ආගමික අන්තවාදය ඇතුළුව තිබීම සම්බන්ධව ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිගැනීම ගැන සතුටට පත්වන බව බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ දිලන්ත විතානගේ මහතා ඊයේ (12දා) පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය රජය සමයේදී මේ සම්බන්ධව තම සංවිධානය පෙන්වා දුන්නද ඔහු එය නොපිළිගත් බවද ඒමහතා පවසා සිටියේය.

රාජගිරිය,නාවල පාරේ පිහිටි බොදුබලසේනා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුකදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලන්ත විතානගේ මහතා,

“ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සමග අපි මතාවදීමය ලෙස ගැටෙනවා. නමුත් හොඳ දෙයක් කළොත් ඒ ගැන අගය කරන්න අවශ්‍යයි. 2013 දි ඥානසාර හාමුදුරුවොත්,මමත්,අපේ නියෝජිත පිරිසකුත් හිටපු ජනාධිපතිවරයා හමුවෙලා අපි කිව්වා ගුවන් විදුලි සංස්ථාව ආගමික අන්තවාදයට යටවෙලයි කියලා.

එතුමා ඒක පිළිගත්තේ නැහැ. අපි තවදුරටත් තොරතුරු දැනුම්දෙනකොට එතුමාට සිද්ධ වුණා හිටපු සභාපති හඩ්සන් සමරසිංහව ගෙන්වන්න. ජනාධිපතිවරයාගේ ඉදිරියේ ඔහු පිළිගත්තා ආගමික අන්තවාදීන් විසින් තර්ජන ඇතිකිරීම නිසාත්, ඔවුන් විවිධ වැඩසටහන්වලට මුදල් ගෙවීම නිසාත් රාජ්‍ය මාධ්‍ය අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වුණා කියලා.

රාජපක්ෂ මහත්තයාගේ කාලයේ අවුරුදු දෙකක් ගියා කිසිම පියවරක් ගත්තේ නැහැ මේ සම්බන්ධව. මේ ආණ්ඩුවෙත් හිටපු මාධ්‍ය ඇමතිවරු පියවරක් ගත්තෙත් නැහැ. නමුත් මංගල සමරවීර ඇමතිවරයා අපි සමග එකඟ නොවුනට,අපි එතුමාගේ අදහස්වලට විරුද්ධ වුණාට එතුමා මේ අවස්ථාවේ පැහැදිලිව තීරණයක් අරගෙන තිබෙනවා ගුවන් විදුලි සංස්ථාවේ පැය කිහිපයක් ආගමික අන්තවාදීන්ගේ ග්‍රහණයේ තිබුණු බව. ආගමික අන්තවාදය ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ඇතුළටත් ගිහිල්ලා කියලා පිළිගැනීම සම්බන්ධව අපි ඉතාමත් සතුටු වෙනවා.‘යනුවෙන් පවසා සිටියේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉස්ලාම් අන්තවාදයේ තොටිල්ලක් – බොදු බල සේනාව ජනපතිට ලියයි

Related posts

ඩෑන්ගේ මරණය ආන්දෝලනයක්? ජාතික ආරක්ෂාවද? මහජන ආරක්ෂාවද?

Admin

ඔබට සතියකට හිමිවන තෙල් ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි

colombotoday

අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

colombotoday

ඥානසාර හිමි වැඩමකළ අවස්ථාවේ ව්‍යාජ හැඳුනුම්පතකින් දළදා මාලිගයට ඇතුළුවූ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

colombotoday

වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනයට හිටපු කොටි ප්‍රබලයන් දෙදෙනෙක් අත්අඩංගුවට…

colombotoday

අධිවේගී රථ රථවාහන පොලීසියෙන් රියදුරන්ට හදිසි දැනුම්දීමක්

Admin