අර්තාපල අල සදහා ආනයනික බද්ද අඩු කිරීම හේතුවෙන් ඉන්දියාවෙන් විශාල වශයෙන් අර්තාපල් අල ආනයනය කිරීමත් සමග දේශීය අල ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.
මේ වන විට විශාල වශයෙන් ඉන්දියානු අල තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙමින් තිබෙන අතර, දේශීය අර්තාපල් කිලෝවක තොග මිළ රුපියල් 65 සිට 85 දක්වා වෙද්දී, ඉන්දියානු අල කිලෝවක මිළ රුපියල් 35 ට අළෙවි කෙරේ.
රජය විසින් පනවා තිබූ බදු මුදල ඉවත් කිරීමත් සමඟ විශාල වශයෙන් අර්තාපල් අල ලංකාවට ගෙන්වීම සිදුවන බවත් එම තරගකාරී තත්වය නිසා මිල පහත වැටී ඇති බැවින් වෙළෙන්දන් තමන්ගේ අස්වනු ප්‍රතික්ශේප කරන බව දේශීය අල ගොවීන් පවසති.