Colombo Today Local NewsHot News

සර්වාගමික හමුවේ උලමා නිරුත්තරයි.. ඤාණසාර හිමි ‘ජාතියේ අවනඩුව‘ ජනපතිගේ මූණටම දෙසයි !

my31234232

ආගමික කණ්ඩායම් අතර වර්තමානයේ ඇතිවෙමින් පවතින නොසන්සුන්කාරී තත්වය සමනය කිරීම සදහා රජය විසින් ආරම්භ කර තිබෙන අන්තර්ආගමික සාකච්ඡාවේ තවත් පියවරක් පසුගිය (6) වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ, ක්‍රිස්තියානි කටයුතු, හින්දු කටයුතු සහ මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් සහභාගීත්වයෙන් පැවති එම සාකච්ඡාව සදහා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජණීය දවුල්දෙන ඤාණිස්සර නාහිමි, බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි, සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සහ ජමියතුල් උලමා සභාවේ නියෝජිතයන්, හින්දු සහ ක්‍රිස්තියානි පූජකයන් ද සහභාගී වී සිටියහ.

සාකච්ඡාව අතරතුර ජමියතුල් උලමා සභාවේ නියෝජිතයන්, මෙරට මුස්ලිම් අන්තවාදයක් නොමැති බව පෙන්වා දෙමින්, මුස්ලිම් ජනතාවට එරෙහිව සෙසු සමාජයෙන් අන්තවාදී ක්‍රියා සිදුවන බව ප්‍රකාශ කරමින් චෝදනා ඉදිරිපත් කිරීමට උත්සහා කර ඇත.

“ජනාධිපතිතුමා, ඔබතුමා ලැජ්ජා වෙන්ඩ ඕන.. මේ රටේ නායකයගෙන් ජාතියට යුක්තිය හිගා කන්න වෙලා තියන්නේ සර්වාගමිකයන් ඉදිරිපිටද?“ යැයි විමසමින් කතාව ආරම්භ කළ ඥාණසාර හිමියන් මුස්ලිම් සමාජයත් විනාශකරමින් මෙරට තුළ හිස ඔසවන ඉස්ලාමීය අන්තවාදය සහ උලමා සභාවේද අනුදැනුම ඇතිව සමස්ථ රටම වෙලාගනිමින් ප්‍රචලිත කරන ආකාරය පෙන්වා දී ඇති අතර ඉස්ලාමීය අන්තවාදය ඉදිරියේ සිංහල බෞද්ධ සමාජය මුහුණ දී සිටින බැරෑරුම් අනතුර සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇත.

ඤාණසාර හිමියන්ගේ කරුණු දැක්වීම හමුවේ කර කියාගන්නට දෙයක් නැතිව උලමා සභාවේ නියෝජිතයන් නිරුත්තර වී ඇති අතර ජනාධිපතිවරයාද පිළිතුරු නොමැතිව දේශනය නිමකරන තෙක් නිහඩවම කන් යොමුකරගෙන සිටි බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

සියළු පාර්ශව වලින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ පූර්ණ කාලීනව ක්‍රියාකිරීම සදහා විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ආගමික සංහිදියාවට තර්ජණයක් වන අයුරින් මතුව ඇති ගැටළු පිළිබදව අන්තර් ආගමික මණ්ඩලයක් මගින් පිළියම් සෙවීමටද අවධානය යොමු වී ඇත.

Related posts

මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයකට පමණක් නීතිපතිගේ අනුමැතිය

colombotoday

නව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩ භාරගනී

Admin

රට හැදුවා.. දැන් තියන්නේ ගම හදන්න.. ගමත් මට දෙන්න – අගමැති රනිල්

colombotoday

අගමැති වයශිර්ෂ කපා හැරීමට රවී යෝජනා කරයි. නවීන් ස්ථිර කරයි

colombotoday

මුහුද යටින් කේබලයක්.. ඉන්දියාව ලංකාවට විදුලිය අපනයනය කරන්න යයි !

colombotoday

දුමින්දට පාර්ලිමේන්තුව එපා වෙයි

colombotoday