පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ පාද යාත්‍රාවට කෝටි 2ක ඉක්ම වූ ජනකායක් සහභාගී වූ බව ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා .
ඇය මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදියි.
එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ බඩගින්න ඉවසමින් අව්ව වැසි නොතකා කෙළඹ සිට මහනුවර දක්වා අවම වශයෙන් කෝටි 2 ක ජනකායක් සහභාගී වූ බවත්, එම ජන ගංඟාව දැක ඇතැමුන් භූමිතෙල් ගහපු ගැරඩි මෙන් දැගලීමට පටන්ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මන්ත්‍රීවරියට ලක්ෂ/ කෝටි ගණන් පටලැවිල්ලක් සිදුවන්නට ඇති අතර ජන හා නිවාස සංගණනයේ අවසන් තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය දෙකෝටි තුන් ලක්ෂ පනස් නව දහස් හාරසිය තිස් නවයකි.