Colombo Today Local News

ජනපති ගෙදර යයි.. දුමින්ද අතුරුදන්.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු හැදිල්ල හබක් !!

ආණ්ඩුපෙරළියක් පිළිබදව කොළඹ දේශපාලනය ගිණිගනිමින් පවතිද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ හදිසියේම පොලොන්නරුව බලා පිටත්ව ගොස් ඇති බවට වාර්තා පලවෙයි. ජනාධිපතිවරයා සති අන්තයේ දෙදිනම පොලොන්නරුවේ රැදී සිටිනු ඇති බවද එම වාර්තා පවසයි.

මේ තත්ත්වය මත නව සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීම පිළිබදව සිදුකෙරෙන සාකච්ඡා ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති බවද සදහන්ය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීම අත්සන් කරමින් ඇති දිවුරුම් ප්‍රකාශය සදහා සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, විජිතමුණි සොයිසා ඇතුළු ඇමතිවරු කිහිප දෙනෙකු අත්සන් තබා නොමැති බවද සදහන් වේ.

එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්කර නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැතිධුරයට පත්කිරීමට අවශ්‍ය නෛතික තීරණය මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය කාරක සභාව රැස්ව ගෙන නොමැති බවද පැවසේ.

මෙම තත්වය මත මෙතෙක් ඒ වෙනුවෙන් කැප වී ක්‍රියාත්මක වූ අමාත්‍යවරු පිරිසක් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇත.

Related posts

ජපාන විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

Admin

ජෝන්ද සිල්වා රඟහල විකිණීමට සූදානම්.. යහපාලන කලාකරුවෝ ආණ්ඩුවට එරෙහිව අවි අමෝරති !

colombotoday

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි : පවතින ලියාපදිංචිය වෙනස් කරන්න ගාස්තු ඉල්ලයි

Admin

TVS ලංකා සම්පූර්ණයෙන්ම ඉන්දියාව අයිතිකරගනී…

colombotoday

ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ අලුත් තීරණයක්

colombotoday

සංහිදියාවේ ප්‍රගතිය බලන්න නීෂා බිස්වාල් එයි

colombotoday