Colombo Today Local News

‘අගමැති කාලගුණ අනාවැකි නොපිළිගන්නවානම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසා දැමිය යුතුයි‘ – අනුර යාපා

අගමැතිවරයා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි නොපිළිගන්නවානම් සහ ජෝන් අමරතුංග ඇමැතිවරයා කාලගුණ අනාවැකි විහිළුවට ලක් කරනවානම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසා දැමිය යුතු යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

අගමැතිවරයා කාලගුණ අනාවැකි නොපිළිගන්නා බව පැවසූ බවත් ජෝන් අමරතුංග ඇමැතිවරයා ඒවා විහිළුවට ලක් කරන බවත් කියමින් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ආපදා කළමනාකරණ ඇමැතිවරයා එසේ කීවේය.

අගමැතිවරයා එවැන්නක් ප්‍රකාශ නොකළ බවත් ඔහු කියා ඇත්තේ කාලගුණ අනාවැකිවල අඩුපාඩු ඇති බව පමණක් බවත් අද(31) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණ සිටි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පැවසීය.
මේ අතර අනතුරුදායක කාලගුණික තත්ත්වයකදී ජනතාව නිවෙස්වලින් ඉවත් කරවීම සඳහා දැඩි නීති සම්පාදනය කළ යුතු යැයි ද ආපදා කළමනාකරණ ඇමැතිවරයා එහිදී කියා සිටියේය.

Related posts

පොලීසියට එරෙහි පැමිණිලි 2400 ක්

colombotoday

ත්‍රීමලේ තෝපූර් පුරාවිද්‍යා බිම මුස්ලිම් උරුමයක්ලු.. මායිම් කණු ගලවා විසිකර, නිලධාරීන්ට තර්ජණය කර පන්නා දමයි

colombotoday

ජනමතවිචාරණයකට ශ්‍රීලනිපය විරුද්ධයි.. ජනපති මතයත් එයමයි !!

colombotoday

මෛත්‍රී විදෙස්ගත වීම සැක සහිතයි – මන්ත්‍රී කාවින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Admin

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

වොක්ස්වැගන් කම්හල ජනවාරියේ පටන් ගන්නවාමයි

colombotoday