Colombo Today Local News

විද්‍යා ඝාතන පරීක්ෂණය ඇමතිනී විජයකලා දෙසට හැරෙයි.. අධිකරණයෙන් නියෝගයක් !

යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් ද ප‍්‍රකාශයක් සටහන් කර ගන්නැයි කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ, මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ නීතීඥවරුන් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.

විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් නැමැත්තාට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සහය වූ බවට එහි දී ප‍්‍රකාශ වී තිබෙනවා.

මෙම සැකකරු සිවිල් වැසියන් විසින් කොටු කර ගෙන විදුලි කණුවක බැද සිටියදී ඔහු පොලිසියට භාර නොදී මුදා හැරීමට රාජ්‍ය අමාත්‍යවරිය කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ වී ඇත්තේ.

 

Related posts

USAID වෙතින් අඩු ආදායම්ලාභී ගොවින්ට දීමනාවක්

Admin

දුම්රියේ වෙන් කළ අසුන් සඳහා වන ගාස්තු 30 %කින් ඉහළට

colombotoday

තව්හිද් ජමාත් දෙවන වටයේ ප්‍රහාරයට සූදානම්… ඉන්දියාව අනතුරු අගවයි…

colombotoday

අරණායක නායයාමෙන් පුද්ගලයන් රැසක් තවමත් අතුරුදන් – මළසිරුරු 6 ක් සොයාගැනේ

colombotoday

දැරියක දම්වැල්වලින් බැඳ කුකුළු කූඩුවක දමලා | පියා සහ නැන්දා අත්අඩංගුවට

colombotoday

යාපනයේ මනාප ලැයිස්තුව

colombotoday