Colombo Today Local News

පළතුරු කඩේ පොහොය දා අරක්කු විකුණයි.. මහරගම අපේක්ෂකයාගේ මව පොලිසියට මාට්ටු

පසුගිය නවම් මහ පොහොය දින (ජනවාරි මස 31) හොරණ පාරේ සමන්පුර අතුරු මාර්ගයේ පිහිටි තම පලතුරු වෙළෙඳ සැලේ වෙළෙඳාමේ නිරතව සිටිමින් නීතිවිරෝධී අන්දමින් අරක්‌කු අලෙවිකරමින් සිටි මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය දක්‌වන “මෝටර් සයිකලය” ලකුණින් මහරගම නගර සභාවට තරග කරන අපේක්‌ෂකයාගේ මව පොලිස්‌ භාරයට ගෙන තිබෙන පුවතක්‌ කොට්‌ටාව පොලිසියෙන් වාර්තාවේ.

කොට්‌ටාව හොරණ මාර්ගයේ සමන්පුර අතුරු මාර්ගයේ පදිංචිකරුවෙකු විසින් පොලිසියට ලබා දුන් තොරතුරක්‌ මත මෙම වැටලීම කොට්‌ටාව පොලිසිය විසින් සිදු කළ බව හෝමාගම සහකාර පොලිස්‌ අධිකාරි කාර්යාලයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම පලතුරු වෙළෙඳ සැලේ සෑම පොහොය දිනයකම මේ අයුරින් අරක්‌කු අලෙවිය සිදුකරන හෙයින් එමගින් ප්‍රදේශයේ සාමකාමී පරිසරයට මහත් බාධා සිදුවන නිසා මෙහි පදිංචිකරුවන්ගේ අකමැත්ත ඊට පළවී තිබූ හෙයින් තමන් මෙම දැනුම්දීම සිදුකරන බව එම අසල්වැසියා පොලිසියට සඳහන් කර තිබෙන බවද, එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

එම ඔත්තුව පරිදි කොට්‌ටාව හොරණ මාර්ගයේ ”සමන්පුර” අතුරු මාවතට හැරෙන මංසන්දියේ පිහිටා තිබෙන මෙම පලතුරු වෙළෙඳසැළ කොට්‌ටාව පොලිසියේ නිලධාරින් වටලනු ලැබූ අවස්‌ථාවේදී අලෙවියට තබා තිබූ අරක්‌කු බෝතල් සමඟ ඒවා අලෙවිකරමින් සිටි ජයන්ති රණසිංහ නමැති සැකකාරියද පොලිස්‌ භාරයට ගෙන තිබේ. පොහොය දිනට පසුදින මහෙස්‌ත්‍රාත් හමුවට සැකකාරිය ඉදිරිපත් නොකර පොලිස්‌ ඇප මත එම සැකකාරිය නිදහස්‌ කර හැරීමට කොට්‌ටාව පොලිසියේ ස්‌ථානාධිපතිවරයා උසස්‌ නිලධාරින්ගෙන් ලැබූ නීතිමය උපදෙස්‌ මත කටයුතු කර තිබෙන බව, හෝමාගම සහකාර පොලිස්‌ අධිකාරි කාර්යාලයේ නිලධාරියෙක්‌  ප්‍රකාශ කළේය.

– දිවයින

 

 

Related posts

රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේ

colombotoday

රහතුන් වහන්සේ වැඩ සිටි කුරගල මුස්ලිම් පුද බිමක් වුණ හැටි, ඔබ නොදැන සිටි කතාව මෙන්න

colombotoday

වැලිකන්ද තරුණියගේ මරණයට හේතුව ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමක් නොවේලු

colombotoday

බෑණාගේ කැතිපහරින් නැන්දම්මා මරු දකී

Admin

අණ නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන්ට හමුදාවෙන් වෙඩි

colombotoday

කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 හුදකලා කෙරේ

colombotoday