ශ්රී ලංකා පොදුජන පෙරමුණ විමින් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා වැලිගම නගර සභාවට හා මහරගම නගර සභාවට ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්ර ප්රතික්ෂෙප වී ඇත.
වැලිගම නාමයෝජනා පත්රය ප්රතික්ෂෙප වී ඇත්තේ බලයලත් නියෝජිතයා විසින් නාමයෝජනා පත්රය බාර නොදීම නිසා යයි ගාල්ල තේරීම් භාර නිලධාරියා සදහන් කරයි. මහරගම නාමයෝජනාව ප්රතික්ෂෙප වී ඇත්තේ එහි තිබිය යුතු කාන්තා නියෝජනය නොතිබීම නිසාය.
කෙසේ වෙතත් මීට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගන්නා බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.