Colombo Today Local News

ප්‍රබල ඇමතිගේ ලේකම්වරියගෙන් රේගුවට අමුතු නියෝගයක්.. පක්ෂයට උදව් කළ ව්‍යාපාරිකයන්ට සුපිරි බදු සහන

ama22

ශ්‍රී ලංකා රේගුව වෙත එන අධික බදු සහිත අවදානම් භාණ්‌ඩ රැගත් කන්ටේනර්, අවදානම්වලින් තොර භාණ්‌ඩ අයත් කන්ටේනර් යැවෙන ග්‍රීන් චැනල් වෙත මාරු කිරීමට එක්‌තරා ප්‍රබල ඇමැතිවරයකුගේ පුද්ගලික කාර්ය මණ්‌ඩලයේ ලේකම්වරියක්‌ රේගු නිලධාරීන් වෙත බලපෑම් කරන බව රේගු ආරංචි මාර්ග පවසයි.

මෙම ලේකම්වරිය අදාළ බලපෑම්වලින් දිනකට කන්ටේනර් විසිපහක්‌ පමණ එලෙස ග්‍රීන් චැනලය ඔස්‌සේ පිටකර හරින බව රේගු නිලධාරීහු පවසති.

මේවා බොහෝ විට අධික අවදානමක්‌ ඇති රෙඩ් චැනල් ඔස්‌සේ යා යුතු කන්ටේනර් වේ.

අදාළ කන්ටේනර් ගෙන්වන ව්‍යාපාරිකයන් පක්‍ෂයට උදව් කළ පුද්ගලයන් බවත් එම නිසා ඔවුන්ට උදව් කළ යුතු බවත් පවසමින් ඇය මෙසේ රේගුවේ ඉහළ නිලධාරීන්ට බලපෑම් කරන බව සඳහන්ය.

ග්‍රීන් චැනලය වෙත යැවුණ පසු අදාළ කන්ටේනර් සුළු පරීක්‍ෂාවකින් නිදහස්‌ කෙරෙන අතර එමනිසා බොහෝ දුරට සුළු බදු ප්‍රමාණයක්‌ පමණක්‌ පැනවේ.

ග්‍රීන් චැනලය සාමාන්‍යයෙන් ලබා දෙන්නේ අඩු අවදානමක්‌ ඇති භාණ්‌ඩ සඳහාත්, වසර 8-10 ක්‌ පමණ රේගු හෝ බදු වැරැදි නොකළ නිසි ආකාරයෙන් බදු ගෙවන කීර්තිමත් සමාගම්වලටය.

මේ තත්ත්වය මත දිනපතා විශාල බදු ආදායමක්‌ රටට අහිමි වන බව සඳහන්ය.

අදාළ කාන්තාවගේ පියාද විදේශ රටවලින් මෙරටට භාණ්‌ඩ ආනයනය කරන බවද සඳහන්ය.

(දිවයින)

Related posts

නැව ගිලෙද්දී පැනපු මීයො ටික දැන් කයිවාරු ගහනවා

Admin

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

සියලු පුරවැසියන් එන්නත ලබා ගන්නා තුරු සිටින බව පැවසූ විපක්ෂ නායක කොවීඩ් එන්නත ලබාගනී

colombotoday

මහ මැතිවරණය දිනන්න එජාපය බුදු දහම වැළදගනී !

colombotoday

“ඉන්ධන මිල සහනාධාර නොලැබුනොත් මිල වැඩි කරන්න සිදුවෙනවා..”

colombotoday

අරලියගහ මැදුරේ භික්ෂූන් දහසකට ෆෙඩරල් දානයක් !

colombotoday