Colombo Today Local News

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ සභාපති වෙන්න ගිය දර්ශනට වෙඩි

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම නැමැති අයකුට වල්පිට ගැමුණු මාවතදී අද (05) දින උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සිය නිවසේ සිට වල්පිට ගැමුණු මාවතට ඇතුලු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇති බව සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි

රෝහල් ගත කල පුද්ගලයා ගේ අතකට තුවාල සිදුව ඇතැයි ඔහුගේ තත්වය බරපතල නොවන බවද හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පවසයි. වෙඩි පහරට ලක් වූ පුද්ගලයා මෙයට පෙර සමුපකාර රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.

Related posts

අංගමැඩිල්ල වනෝද්‍යානයේ අලි පැටවකුගේ හිසට වෙඩි වදී.

colombotoday

පුද්ගලයෙකුට පහරදී මුදල් හා ස්වර්ණාභරණ පැහැරගත් එජාප මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

“ඉන්ධන මිල සහනාධාර නොලැබුනොත් මිල වැඩි කරන්න සිදුවෙනවා..”

colombotoday

මෙරට දැවැන්තම බහුකාර්‍ය ව්‍යාපෘතිය: මොරගහකන්ද මහ වේල්ලේ නිධන් තැන්පත් කෙරේ

colombotoday

අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු සූදානම්

Admin

ෆොන්සේකා පරාජිතයෙක්… එජාපයට ගන්නවාට මං විරුද්ධයි – ඇමති හරීන්

colombotoday