Colombo Today Local News

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දමන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අවධානය..

මත්ද්‍රව්‍ය උවදුර පාලනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අවදානය යොමුවී ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසයි.

පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ පිළිබඳ අවධානය යොමුවී ඇත.

ඒ සඳහා වන යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීමට එම විශේෂ කාරක සභාව පත්කෙරෙනු ඇති.

Related posts

සේනාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි… අක්කර 10.000ක් විනාශයි…

colombotoday

පිරමීඩාකාර ජාවාරම හිස එසවීම සහ මහ බැංකුවේ ක්‍රියාපිළිවෙත

colombotoday

සිංහරාජයේ සතුන් ඇල්ලූ ජර්මන් ජාතික අයියා මලෝ කූඩුවට

colombotoday

පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප මෙන්න..

colombotoday

“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. “

colombotoday

“පිටරටින් හාල් ගෙනත් කෑමට සිදුවීම අපට අගෞරවයක්” – ජනපති

colombotoday