Colombo Today Local News

රන්ජන් ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරු අබුඩාබියේදී අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වාගේ ඝාතනය මෙහෙය වූ බව කියන ධර්මසිරි පෙරේරා නමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඉන්ටර්පොල් රතු නිවේදනයකට අනුව අබුඩාබි පොලීසිය විසින් අදාළ සැකකරු පෙරේදා දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ ඝාතනයත් සමග සැකකරු මෙරටින් පලා ගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන බවට ලද තොරතුරු මත සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ඔහු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවටයි.

ඒ අනුව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මීට මාස කිහිපයකට පෙර ධර්මසිරි පෙරේරා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තුවක් ලබා ගෙන එය ඉන්ටර්පෝල් වෙත ඉදිරිපත් කිරීමෙන් කිරීමෙන් රතු නිවේදනයක් ඉල්ලා තිබිණ.

ඉන්ටර්පෝල් ආයතනය එක්සත් අරාබි එමීර් රාජ්‍ය‌යේ ඉන්ටර්පෝල් ආයතනය වෙත දැනුම්දීමෙන් පසු පෙරේදා අබුඩාබි පොලීසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

2018 වසරේ මැයි මස 24 වනදා රත්මලාන ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී හිටපු නාගරික මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කෙරිණ.

එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ද තුවාල සිදු විය.

Related posts

විජයකලා නිදහස් කරන්න නියෝග

Admin

අනුර ආවොත් උපරිම මාස 6යි

Admin

රට සංවර්ධනය කිරීමට ජාතික ආණ්ඩුවක් ඕනෑ – පුරවැසි බලය

colombotoday

බොරතෙල් මිල ඉහළට

colombotoday

කඩවුණු පොරොන්දුව ගැන කියා කතක් ජනපති ඉදිරියේම ඇමතිට ලැජ්ජ කල හැටි (VIDEO)

colombotoday

වහබ්වාදී උලමා සංගමය ජනපතිට සුභ පතයි. එකට වැඩ කිරීමටත් සූදානම බව කියයි.

colombotoday